BREAKING NEWS
Search

දෙපිරිසක් අතර දරුණු ගැටුමක්

1344

වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (25) සවස දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවට පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු තරුණයා රාගම රෝහලට ඇතුළත් කර මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

එලෙස තුවාල ලබා ඇත්තේ, 23 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවෙන් සැර පිළිතුරක්

කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau විසින් සිදුකළ ප්‍රකාශයක අන්තර්ගත කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

එමගින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් ගැන සඳහන් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය එකහෙළා ප්‍රතික්ෂේප කරන බවය.

එරට මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම් පිළිබඳව සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ වාර්ගික සංහිඳියාවට බාධාවක් බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රගතිය සංහිඳියාව ඇතිකිරීම සඳහා සහාය වන ලෙසටද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කැනඩාවෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *