BREAKING NEWS
Search

අනේ මගේ දරුවා අඬනවා.. මාව අතහැරපං – දරුවා විළාප තබද්දී තරුණ එක්දරු මවට දෙදෙනෙකු කළ නොහොබිනා වැඩේ

1485

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නිවස බිඳ ගෙහිමි තරුණ එක් දරු මව දූෂණය කර රන් භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පැය 24 ක් ඉක්මයෑමටත් පෙර අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය සමත්ව තිබෙනවා.

රුපියල් ලක්ෂ තුනක රන් භාණ්ඩ හා රුපියල් 7000ක මුදල් දික්වැල්ල, වත්තේගම ප්‍රදේශයේ එම නිවසින් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.

හඳුනාගෙන ඇති අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් අරඹා තිබෙනවා.

අළුයම් කාලයේ පිටුපස දොර කඩාගෙන නිවසට ඇතුළු වී ඇති සැකකරුවන් අවුරුදු 6ක් පමණ කුඩා දරුවා විළාප ගසා හඬද්දී කාමරකට දමා සිරකර මව සාලයට රැගෙන මරණ බවට තර්ජනය කර අතවර කර ඇත.

අපරාධ අංශයේ ස්ථානාධිපති මදුරංග මහතාට පෞද්ගලිකව ලැබු තොරතුරක් හා සීසීටීවි කැමරා දර්ශන උපයෝගී කරගෙන මෙම ‘හොර සමන්ත’ යන අනුවර්තන නාමයෙන් හඳුන්වන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *