Search

බිලිඳු සිරුරක් ඇලකින් හමුවෙයි

268

අලුත් උපන් බිලිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි මෙම බිලිදු මළ සිරුර සොයාගත් බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා ඇති බිලිදු සිරුරක් පාවෙමින් තිබෙන බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දිමක් මත නොර්වුඩ් පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇත.

අලුත් උපන් බිලින්දාගේ සිරුර ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.

බිලින්දා බිහි කළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

නිවාස සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

නිවාස ඉඳි කර දෙන බව  සහ ඉඩම් රැගෙන දෙන පවසා  පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු  කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී  අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ හැඳුනුම්පතක් මෙන්ම විදේශ ගමන් බලපත්‍රයක් විමර්ශනයට ආ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මාලබේ උඩවත්ත ප්‍රදේශයේ සමාගමක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර මෙම මහා වංචාව සිදු කර තිබූ බව පොලිසිය කියයි..

සැකකරුගේ එම වංචාවට හසුව රුපියල් කෝටි තුන හමාරකට ආසන්න ප්‍රමාණයක මුදල් අහිමි කරගත් පුද්ගලයන් 26 දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සහ මාලබේ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.

 

එම පැමිණිලි අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු කාර්යාලය පවත්වාගෙන ගිය මාලබේ උඩවත්ත ප්‍රදේශය කරා ගියද සැකකරු ඒ වන විටත් එය වසා දමා ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

 

සැකකරු  විවිධ පුද්ගලයන්ට නිවාස ඉදිකර දෙන බව පවසා ඔවුන් ඔවුන් අත තිබෙන ලක්ෂ 10 හෝ 20 ලබාගෙන රුපියල් ලක්ෂ 80 ක ණය මුදලක් ලබා දෙන බව පවසා ගිවිසුම් අත්සන් කර තිබූ බව පොලිසිය කියයි.

.

ඒ ආකාරයෙන් ඔහු කිසිම පුද්ගලයෙකුට සාදාදුන් නිවසක් හෝ   ලබා දුන් ඉඩමක් නැති බව මේ වන විට සිදු කළ  විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

 

සැකකරුගේ නමින් තිබෙන බැංකු ගිණුම් සම්බන්ධයෙන් සහ සැකකරු තවත් මේ ආකාරයෙන් වෙනත් ප්‍රදේශවල සමාගම් පවත්වාගෙන යමින් මුදල් වංචා කර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *