BREAKING NEWS
Search

පාසල් ගොඩනැගිල්ලක වහලය කඩාවැටී 11 දෙනෙක් මිය යයි

2152

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

චීනයේ පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාගාරයේ වහල කඩාවැටීමෙන් මේවන විට 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධික වාර්ෂාවත් සමග මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රීඩාගාරයේ 19 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුඩා ළමුන් බව සඳහන් ය.

මේ වන විට අනතුර සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ල භාරව සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

තවද,

පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි තරුණයකු බව පොලීසිය සඳහන් කරයි.

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පැවසීය.

පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *