ළිඳකට වැටුණු දරුවා ට වෙච්ච දේ

125

බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ පස් හැවිරිදි පිරිමි ළමයකු ළිඳකට වැටුණු බව එරට බලධාරීන් පවසනවා.

සිලාඕ බ්ලොක්හි කුල් ගම්මානයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

ශිවම් කුමාර් නමැති මෙම පිරිමි ළමයා තම මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී අහම්බෙන් වසා දමා තිබූ නළ ළිඳට ලිස්සා ගොස් ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

National Disaster Response Force (NDRF) සඳහන් කළේ අඩි 50ක් පමණ ගැඹුරේ ඇති නළ ළිඳේ මෙම දරුවා සිරවී ඇති බවයි.

NDRF කණ්ඩායමක් පැට්නා සිට එම ස්ථානයට ගොස් සවස 5.20 ට පිරිමි ළමයා පණපිටින් එළියට ගත් බව සඳහන් වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *