BREAKING NEWS
Search

පුහුණු සැසියක් අතරතුර සිදුවු අනතුරකින් කායවර්ධන ක්‍රීඩකයෙක් මරුට

1056

පුහුණු සැසියක් අතරතුර කායවර්ධන ක්‍රීඩකයෙකු වන 33 හැවිරිදි ඉන්දුනීසියාවේ ජස්ටින් විකී නැමති ක්‍රීඩකයා මියගොස් තිබේ.

ඉන්දුනීසියාවේ බාලි දුපතේ පිහිටි පැරඩයිස් නම් කායවර්ධන මධ්‍යස්ථානයේ දී ඊයේ (22) මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජස්ටින් විකී කිලෝග්‍රෑම් 200 කට වඩා බරින් යුත් බාර්බෙල් “barbell” එක එසවීමට උත්සාහ කර ඇති අතර එහිදී එම බර දරා ගැනීමට නොහැකිව ඔහුගේ පාදය ලිස්සා ගොස් ඇත.

එම අවස්ථාවේ දී බාර්බෙල් එක ඔහුගේ උරහිස මතට වැටී පසුව ක්ෂණිකව බෙල්ලට සහ හිසට වැටී අනතුර සිදුව තිබුණි.

ඔහුගේ සහායකයා විසින් එය වැළැක්වීමට උත්සාහ දරා ඇති නමුත් එය ව්‍යාර්ථ වී ඇත බව විදෙස් මාධ්‍ය පවසයි.

වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ බාර්බෙල් එකෙහි අධික බර එකවැර ඔහුගේ බෙල්ලට සහ හිසට වැදි ඇති බැවින් බෙල්ලේහි අස්ථි බිඳි ඇති බවත් එම නිසා ඔහුගේ හදවතට සහ ශ්වසන පද්ධතියට සම්බන්ධ වූ ස්නායුවලට දැඩි හානි සිදුවී ඇති බවත්ය.

ජස්ටින් විකී කිලෝග්‍රෑම් 200 කට වඩා බරින් යුත් බාර්බෙල් එක එසවීමට උස්සහ දරන අයුරු විඩියෝ කර ඇති අතර එහිදී අවාසනාවන්ත ලෙස ඔහු අනතුරට ලක් වන ආකාරය ද එහි පටිගතව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *