BREAKING NEWS
Search

ලොරි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – රියැදුරන් දෙදෙනාට වෙච්ච දේ

296

වවුනියාවේ පරනාට්ටකල් ප්‍රදේශයේදී ලොරි දෙකක් මුහුණට මුහුණ ගැටීම නිසා එම ලොරි දෙක ඇළකින් පහළට පෙරළී යාම නිසා රියැදුරන් දෙදෙනාම බරපතළ තුවාල ලබා ඊයේ (22) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

පරනාට්ටකල් ගම්මානයේ පටු මාර්ගයක් ඔස්සේ මෙම ලොරි දෙක අධික වේගයෙන් ධාවනය කොට ඇති අතර එක් ලොරියක් හෝ වේගය පාලනය කර නොගැනීම නිසා මෙම අනතුර සිදු වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ රි‍යැදුරන් දෙදෙනාගේම තත්ත්වය බරපතළ බව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළ අතර එක් රියැදුරකු පෙරළී ගිය ලොරියට යට වී තිබෙන බව වාර්තා වෙනවා.

ගම්වාසීන් විසින් ඔවුන් අනතුර සිදු වූ ස්ථානයෙන් ගලවා ගෙන රෝහල්ගත කොට තිබෙන අතර, වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *