සාමාන්‍යයෙන් අපි පොලීසිය සමඟ ගැටෙන්න යන්නේ නැහැනේ.
හැබැයි කෙනෙක් ඔන්න පොලිසිය සමඟින් ගැටිලා.
හැබැයි මතවාදීවවත් නෙවෙයි.
ගැටෙන්න ඕනි නැථි දෙයක් තමයි පොලිසියට ගැටෙන්න සලස්වලා තියෙන්නේ.
මෙ කතාව ආරංචි වෙන්නේ පිටකොටුවෙන්.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කාන්තාවන් දෙදෙනෙක් තම රාජකාරි අවසන් වෙලා කොටුව පොලිස් ස්ථානයේ නේවාසිකාගාරයට නිල ඇඳුමින් යන්න පිටත් වෙනවා.
මෙලෙස කතා බහ කරමින් යන අවස්ථාවේදි ගුණසිංහපුර ආලෝක සංඥා පූවරුව අසලදී එක්තරා පුද්ගලයෙක් ඔවුන් දෙදෙනා අසලට පැමිණෙනවා.
වෙනදත් මේ දෙදෙනාට මිනිසුන් හමු වෙන නිසා මෙලෙස පුද්ගලයකු මුන ගැසීම අරුමයක් නෙවෙයි.
හැබැයි එකවරම සිදුවන්නේ ඔවුන් දෙදෙනා නොහිතපු දෙයක්.
එකවරම සියළු අඳුම් උනා දමන මේ පුද්ගලයා තම රහසඟ මේ පොලිස් කාන්තාවන් දෙදෙනාගේ ඇඟේ ගැටෙන්න සලස්වනවා.
කලබලයටත් භීතියටත් පත්වන මේ පොලිස් කාන්තාවන් දෙදෙනා එකවරම කෑගසන්නේ සිදු වන්නේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකිව.
ඒ කෑගැසීම ඇසුන අවට සිටි පිරිසක් විසින් පලා යාමට තැත් කල මෙම පුද්ගලයාව අල්ලලා පොලීසියට හාර දී තිබෙනවා.

















