BREAKING NEWS
Search

දෙවියන්ගේ ඇස් වලට කුම්ෆු සටන් කරුවා කල දේ

150

උඩප්පුව කාලි කෝවිලේ කාලි ප්‍රතිමාවට රත්තරනින් නිමවා සවිකර තිබූ ඇස් දෙක ඇතුළු එම ප්‍රතිමාවට පළඳවා තිබූ රන් ආභරණ සොරාගෙන ගිය බව කියන කුම්ෆු සටන් කරුවා අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලීසිය කියයි.

එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ එම සංවිධානයේ සාමාජිකයන් සමඟ සැකකරු සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් ගෙන් කුම්ෆු සටන් කලාව පිළිබඳව ප්‍රගුණ කර ඇති අයකු බවත් පොලිසිය සඳහන් කරයි.

එවකට එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්‍රදේශයකට ගොස් මොහු මෙම සටන් කලාව පිළිබඳව ප්‍රගුණ කර ඇතැයි ද දැන ගැනීමට ඇත.

අඩංගුවට ගත් සැකකරු වෘත්තියෙන් පොල් කැඩීම සිදුකරගෙන යන අතර වාරයේ කෝවිල්වල බෙර වැයීම සහ කෝවිල්වල පැවැත්වෙන වාර්ෂික මංගල්‍යවල දී සිරුරේ කටු ගසා ගෙන වේල් කරත්තවල ලණුවලින් එල්ලී පෙරහැරේ ගමන් කරන අයකු බවදපොලිසිය පවසයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *