BREAKING NEWS
Search

පිරමිඩ ජාවාරම්කරුවකුගේ මෝටර් රථයට වෙච්ච දේ

1040

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .

පිරමීඩ ජාවාරම හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසුවූ බව පොලිසිය කියයි .

ගිණි තැබීම නිසා මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ .

රන්න,රන්න නැගෙනහිර ,වීරෝදාර මාවතේ ඔහු පොලිසියට මෙම සිද්ධිය පිලිබදව හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ .

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

චන්ද්‍රසේන ගමගේ පද්මසිරි ගාර්දියවසම්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *