BREAKING NEWS
Search

රිය අනතුරකින් යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට

492

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරය ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් හමුදා සෙබලා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

ඔහු වයස අවුරුදු 36ක් පමණ වන මොණරාගල නක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Source : Live@8




Leave a Reply

Your email address will not be published. Required fields are marked *