BREAKING NEWS
Search

රුහුණු සරසවියෙන් දියවැඩියාවට බෙහෙතක්

115

රුහුණු විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කෝවක්කා ශාඛයේ පත්‍ර ආශ්‍රයෙන් රුධිරගත සීනි මට්ටම් අඩු කරන දියවැඩියා රෝගය පාලනය කළ හැකි ඖෂධයක් නිපදවා තිබෙනවා.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී මෙම ඖෂධය පළමු වරට හදුන්වාදීම සිදු වුණා.

මෙම ඖෂධය සදහා පර්යේෂණ කණ්ඩායම පේටන්ට් බලපත්‍රය ද ලබාගෙන තිබෙනවා.

මහාචාර්ය ටී.පී.වීරරත්න, වෛද්‍ය කේ.පී.ජී.වාසනා, මහාචාර්ය කේ.ඒ.පී.ඩබ්ලිව්.ජයතිලක, මහාචාර්ය ඒ.පී. අත්තනායක යන පර්යේෂණ කණ්ඩායම විසින් මෙම නව ඖෂධය සොයා ගෙන තිබෙනවා.

දියවැඩියා රෝගීන් 158 දෙනකු (අවුරුදු30 – 60අතර)සහභාගී කරවා ගෙන කරන ලද පර්යෙෂණ වලදී දියවැඩියා රෝගය මෙම ඖෂධය මගින් පාලනය වන බවත් ඖෂධය පරිභෝජනය කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් සිදුනොවන බවත් පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා.

නව ඖෂධය ළගදීම වාණිජ මට්ටමින් වෙළද පොළට හදුන්වා දීමට කටයුතු කරන බව මහාචාර්ය ටී.පී. වීරරත්න මහතා මෙහිදී පැවසුවා.

මෙම අවස්ථාවට රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහතා ද එක්ව සිටියා.

පේටන් බලපත්‍රය

Source : Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *