ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
නැති වී ඇත්තේ, යතුරු පැදියකින් පැමිණ කාන්තාවගේ අත්බෑගයක් සොරකම් කිරීමට දැරූ උත්සහයක් අතරතුර කොල්ලකරුවෙකු එල්ල කළ පි’හි යෙන්බ රපතළ තුවාල ලැබූ පුද්ගලයෙකි.
ඔහු අකරවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලීසිය පැවසීය.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු හා කාන්තාවක් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ ගමන් බෑගයක් කොල්ලකෑමට උත්සහ කර තිබේ.
පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී යතුරු පැදියේ සිටි පුද්ගලයා සහ කාන්තාව බිම ඇඳ වැටී ඇති බවයි.
පසුව එම ස්ථානයේ නිවසක පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බිම ඇඳ වැටුණු කාන්තාව අල්ලා ගැනීමේදී යතුරු පැදිකරු විසින් කාන්තාව මුදා ගැනීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනාට ඇණ තිබේ.
එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු කාන්තාව සමග යතුරු පැදිය සහ කොල්ලකන ලද බවට සැකකරන අත් බෑග 3ක් දමා පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
Source : Newsfirst


















