BREAKING NEWS
Search

අද දවස ඔබට කොහොමද? මෙන්න ලග්න පලාපල (2022.09.21)

540

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදෙන අතර තම අරමුණුද තරමක් ජයගනී. නව නිපැයුම් ඇරඹීමට හොඳයි. බුද්ධිමතුන් ඇසුරට පත්වෙයි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග මතුකරයි.

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු,
Qries

වෘෂභ

ගමන් බිමන් බහුල වෙයි. රාජකාරිවලදී අතපසුවීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා සහ රහස් සබඳතාවලට හේතුයි. දුර දිග කල්පනා කර ක්‍රියාකළ යුතුයි. වැයපසද තරමක් ඉහළ යයි. සෙම් බහුල රෝග මතුකරයි.

ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු,
Qries

මිථුන

රාජකාරී ස්ථානවල මතවාද ගෙන දෙයි. තරමක් කලකිරීම් ඇතිවෙයි. නීතිමය ගැටලුවලටද හේතු බැවින් ක්‍රියාවේදී ඉවසීම මැනවි. උඩඟු ගති ඇතිවෙයි. ආමාශගත රෝග මතුකරයි.

ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්,
Qries

කටක

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආත්මාර්ථකාමී ගති මතුවෙයි. වෙළෙහෙළදාම්වලින් ජයග්‍රහණ ලැබේ. හදිසි ධන වාසනා එල්ලවෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු. හදිසි ලාභ ලබයි. මානසික රෝග ගෙන දෙයි.

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස,
Qries

සිංහ

තරමක් ශුභ ඵල මතුකරයි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරු බලපෑම් එල්ලවෙයි. ලිපි ලේඛනවලින් ජයග්‍රහණ ලබයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග සාදයි.

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්,
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරයි. දුර ගමන් යෙදේ. තම අරමුණු කරුණු ජය ගනී. සතුරු බලපෑම් ඉවත්වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රබල වෙයි. විනෝදජනක ක්‍රියාවල යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ,
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. කෙටි ගමන් බහුල වෙයි. ගමන්වලදී ප්‍රවේශම මැනවි. ලිපි ලේඛනවලින් ජය ලබන අතර නව නිපැයුම් ඇරඹීමට හේතුයි. හදිසි ධන වාසනා ලාභ ගෙන දෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුකරයි.

ජය අංකය: 08

ශුභ වර්ණය: ක්‍රීම්,
Qries

වෘශ්චික

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. සුහදතාවර්ධන කටයුතු දියත් කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. ශරීර සෞඛ්‍ය තරමක් දුර්වලවීමෙන් පීඩා මතුකරයි.

ජය අංකය: 02

ශුභ වර්ණය: දුඹුරු,
Qries

ධනු

රාජකාරී කටයුතු බහුල වීමෙන් අවිවේකී ගති මතුකරයි. සුහදතාවර්ධන කටයුතුවල යෙදේ. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතු කරයි. ගමන් බිමන් බහුලව වැයපසද ඉහළ යයි.

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ,
Qries

මකර

සාමාන්‍ය දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් නිසා සිත් චංචල කරවයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදුවෙයි. වැය පස ද ඉහළ යයි. සෙම් රෝග උෂ්ණ රෝග මතුකරයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි.

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්,
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම් උනන්දුවෙන් ඉටුකරයි. නවක මිතුදම්, ප්‍රේම සබඳතා වර්ධනය වන දිනකි. වැය පස ද ඉහළ යයි. හදිසි ධන ලාභද දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු රයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි.

ජය අංකය: 03

ශුභ වර්ණය: ලා රතු,
Qries

මීන

අවිවේකී බව අඩුකරවන දිනකි. තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. සුළුවෙන් හෝ ගමන් බිමන්ද යෙදෙන අතර මිල මුදල් නොසිතූ ලෙසින් වැයවේ. යටපත්ව තිබූ වාත රෝග මතුකරයි. දහමටද ලැදිව ක්‍රියාකරන දිනකි.

ජය අංකය: 05

ශුභ වර්ණය: දම්,



Leave a Reply

Your email address will not be published. Required fields are marked *