BREAKING NEWS
Search

කන්දකාඩු රැඳවියකුගේ සිරුරුක් පාළු නේවාසිකාගාරයක

283

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙහි පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියකුගේ සිරුරු එහි පාළු නේවාසිකාගාරයක තිබී හමු වූ බව  වැලිකන්ද පොලිසිය කියයි.

ඔහු පාදුක්කේ පදිංචි 27 වියති විවාහකයකු බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු අගෝස්තු 28 වැනිදා වසරක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පුනරුරුත්ථාපනය වීමට පැමිණ ඇති අතර ඔහු  බිරිඳට ලියූ ලිපි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

කන්දකාඩු පුනරුනරුත්ථාපන මධ්‍යස්ථානයේ භාවිතයට නොගන්නා නේවාසිකාගාරයක බාල්කයක එල්ලී මෙට්ට කවරයක කොටසකින් ගෙළවැළලා ගැනීමට උත්සහ දරා ඇති අතර ඔහු එහිදී බිමවැටී සිටින අයුරු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයයේ උපදේශක නිලධාරීයකු  දැක ඇති බව පරීක්ෂණ සිදුකළ පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව එම කඳවුරේ ගිලන්රථය මගින් පුනරුත්ථාපනලාභියා ලංකාපුර බී.ඕ.පි. 316 ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටි ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කරඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පවසයි.

එම රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිත බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *