BREAKING NEWS
Search

එකට එකතු වී තරුණ තරුණියන් මත් කළ මව දියණිය මාට්ටු

359

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මත් වතුරට  ඇබ්බැහි වූ තරුණ තරුණියන්ට එන්නත් මගින් ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන මවක සහ දියණියක කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුගන්නාව රජවත්ත ප්‍රදේශයේදී ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කරගන්න ගොස් ඇති මෙම ජාවාරම පොලිස් නිලධාරීන්ට වැටලිය නොහැකි ආකාරයට ආරක්ෂක විධිවිධාන සහ ඔත්තුකරුවන් යොදාගනිමින් කරගන්න ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

සැකපිට අත්අඩංගුවට ගත් මව සහ දියණිය දියණියගේ ජංගම දුරකථන දත්තවලට අනුව මොවුන් ඇතැම් දිනවල මේ ආකාරයෙන්ය එන්නත් ලබාදී රුපියල් ලක්ෂ 05කට අධික මුදල් උපයා ඇති බව අනාවරණය වී තිබේ.

පුද්ගලයකුට එක්වරක් ය එන්නතක් ලබාදීම සඳහා රුපියල් 3000-4000 ත් අතර මුදලක් ලබාගෙන තිබෙන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

වැටලීම සිදු කිරීමෙන් අනතුරුව එම නිවස තුළ හා අවට භූමිය තුළ ය එන්නත් කිරීමට යොදාගත් එන්නත් කටු 300 ක් පමණ පොලිසිය විසින් සොයාගෙන තිබේ .

මෙම මවට සහ දියණියට මත ද්වය  ළඟ තබා ගැනීමේ සිද්ධීන්ට අදාළ නඩු ගණනාවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර සැකකාර කාන්තාවගේ පුතුන් දෙදෙනාද ඇබ්බැහි වූවන් බව පොලීසිය කියයි .

Source : ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *