BREAKING NEWS
Search

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක

155

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ. 

ඒ පසුගිය 18 වැනිදා ලෝක නායකයන් සහ තෙවැනි වාල්ස් රජු අතර  බකිංහැම් මාළිගයේදී  පැවති හමුවේදී ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ, ඊයේ (19) මිහිදන් කෙරුණු දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභගී වීම සඳහායි.

ඒ අනුව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී පසුගිය 18 වැනිදා දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට  සිය අවසන් ගෞරව දැක්වූහ.

Source: Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *