BREAKING NEWS
Search

සූම් තාක්ෂනය ඔස්සේ සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සිසුන්ට අමුතු පාඩම් උගැන්වූ කාන්තාවන් දෙදෙනා

510

අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් පළ කර සූම් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදු කරන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නුගේගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකුණන  මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

පසුගිය 19 වැනි දා මෙම ගණිකා නිවාසය වටලා එහි සේවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනකු සමඟ කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ සහ මෙවලම් කිහිපයක් සොයා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි වූ බව යි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා විසින් මෙම ස්ථානයේ දී සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් සඳහා ලබා දෙන සේවාවන් පිළිබඳ අන්තර්ජාලයේ පළ කරන වෙළෙඳ දැන්වීමේ ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බවත් නුගේගොඩ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලබන පාසල් සිසුන් අන්තර්ජාලය ඔස්සේ මෙම වෙළෙඳ දැන්වීම් නරඹා මෙම කාන්තාවන්ගේ ඇසුර ලබා ගැනීම සඳහා පැමිණ ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 45 සහ 43 වැනි වියේ පසු වන මිනුවන්ගොඩ හා මතුගම යන ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන්.

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පොලිස් උකුසු ඇසෙන් මිදී මෙම ස්ථානයේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන්.

Source : Hirugossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *