BREAKING NEWS
Search

බඩු ගේන්න දුන්නු සල්ලි වලින් බුරු ගහලා නිවසට යන්න බැරුව අඩ අඩ ඉන්නකොට පොලිසියට මාට්ටු

125

තවලම කපල්ල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා බුරුවා ගසමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 හා 55 වැනි අතර වයස් කාණ්ඩවල පසුවු පුද්ගලයින් 06 දෙනෙකිග මින් එක් අයෙකු නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එම සදහා බිරිද විසින් ලබාදුන් මුදල් ද බුරුවා ගසා පරාජය වි ඇති බව පොලිසිය කියයි.

ඔහු මුදල් ඔට්ටුවට බුරුවා ගසා රුපියල් 2700ක මුදලක් පරාජය වි තිබු අතර නිවසට යාමට නොහැකිව කදුළු සලමින් සිටි බව පොලිසිය පවසයි.

Source : Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *