BREAKING NEWS
Search

අපි එළියට එනකන් හොටෙල් රූම් එක ළඟ එයාලගේ අම්මලා බලන් හිටියා – මධුසමය දා පිරිසිදුකම නොපෙන්වූ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ හලාවත තරුණියගේ ඛේදජනක කතාව

6760

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තුන්වැනි ලෝකෙ රටක් විදිහට අපිට කර පින්නාගෙන ඉන්න සංස්කෘතිය ඇතුළේ තියෙන සමහරක් සම්ප්‍රදායින් මිනිස්සුන් ට වුවමනාවට වැඩිය හිරිහැර කරනවා.
 
ඒ සංස්කෘතින් මිනිස්සුන්ගේ හීන විනාශ කර දානවා.

හලාවත ප්‍රදේශයේ තරුණියක් පසුගිය දවසක ජීවිතයෙන් වන්දි ගෙවනවා. සාරි පොටක එල්ලුණු ඇගේ දේහය බිමට අතෑරෙද්දි ඇගේ ඩෙනිම් කලිසම් සාක්කුවේ තිබුණු ලියමනක් දෙම්පියන්ට හම්බෙනවා.

මේ මෙතෙක් මාධ්‍යයට හෝ කිසිවෙකුට හෙළි නොකළ ඒ ලිපියේ තිබුණු අමානුෂික ඇත්ත…
“මට සමාවෙන්න මගේ රත්තරන් අම්මේ තාත්තේ…
මම ඔයාලට බොරු කළාට.. ඒත් අද මම ඇත්ත කියන්න යන්නෙ. මගේ ජීවිතේ වෙච්ච හැමදේම කියන්න හදන්නේ. මම දන්නවා මම වැරදිකාරියක් ගොඩක් දේවල්වලට. අම්මේ… මගේ පිරිසිදුකම මට නැතිවුණේ වයස අවුරුදු 16දී. ඒත් මම ඒක කාටවත් නොකියා හිතේ හංඟගෙන හිටියා. ආයෙම මම කා එක්කවත් එකතු වුණේ නෑ. සමන්තට මාව ජෝඩු කරද්දි මම අකැමැත්තෙන් වුණත් කැමති වුණේ තාත්තාගේ බල කිරීමට. ඊටත් වඩා සමන්ත මට දාහක් වද දුන්නා. මට සමන්තට කියන්න වුවමනා වුණා මම අපිරිසිදු කෙල්ලෙක් කියලා. ඒත් මට බය හිතුණා. සමන්තගෙන් ඒ රහස අම්මලා දැනගත්තොත් ලොකු  වෙයි කියලා මට දැණුනා. ඉතින් මම ඒක හැංඟුවා..”
“අපේ හනිමූන් එක තිබ්බ දවසේ මම අන්ත බයකින් හිටිය‍ේ. අපි එළියට එනකන් එදා කට්ටියක් බලන් හිටියා කියලා අම්මලා දන් නැතුව ඇති. ඒ වෙන කවුරුත් නෙවෙයි. සමන්තගේ අම්මලා.. එයාලට වුවමනා වෙලා තිබ්බේ සමන්ත බුදියගත්තෙ පිරිසිදු කෙල්ලෙක් එක්කද කියලා දැනගන්න‍. මම ඒ ගැන තර්ක කළා සමන්ත එක්ක. ඒත් සමන්ත ගත්තෙ අම්මලාගේ පැත්ත. එයා කිව්වේ ලේ පැල්ලම දකින එකලූ අම්මලාගේ සැනසීම.. අපිරිසිදු කෙල්ලෙක් එක්ක ඉන්න එක පවක්ලූ. මම ඔය මොන ඉටිගෙඩියක්වත් දැනන් හිටියේ නෑ අම්මේ…”
“මට කොහොමත් පිරිසිදුකම පෙන්වන්න බැරිවුණා. අන්තිමට සමන්ත කෑ ගහලා ලොකු විනාශයක් කළා. සමන්තගේ අම්මා මගේ කොණ්ඩෙන් අල්ලලා මූණට කෙළ ගැහුවා. මම එයාලට වැඳලා කිව්වා මේක අම්මලාට දැනගන්න තියන් එපා කියලා. දවස් දෙක තුන ගෙවුණට පස්සෙ මම ගෙදර ආවේ එහේ ජීවිතේ තිත්ත වුණු නිසා. අන්තිමට මම දැනගත්තා, එයාලා මේක කොයි වෙලාවක හරි අම්මලාට කියන විත්තිය. ඒ නිසයි මම මේ තීරණය ගත්තේ..”
“මට ගොඩක් සමාවෙන්න අම්මේ. මේක ඉක්මන් තීරණයක් නෙවෙයි. මේ ලෝකෙ මට ගැළපෙන් නෑ. මේ වගේ තිරිසන්නු මට හරියන් නෑ. මීට වඩා ලස්සන ලෝකයක මං ඉපදෙන්න කියන එක විතරයි මගේ ප්‍රාර්ථනාව.. ආදරෙයි අම්මා තාත්තා… මේක මගේ තීරණයක් ! කවුරුත් වග කියන්න වුවමනා නෑ..”
Source : Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *