BREAKING NEWS
Search

පේරාදෙණියේ සරසවි සිසුවෙක් අතුරුදන්

219

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අතුරුදන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ මනෝවිද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලබමින් සිටි අවසන් වසරේ සිසුවෙක්.

මෙම ශිෂ්‍යයා පසුගිය 16 වැනි දින සිට අතුරුදන් ව ඇති අතර, ඔහු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පැවසුවා.

24 හැවිරිදි අදාළ සිසුවා ගම්පහ – යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *