BREAKING NEWS
Search

රන්මාල කැඩු කොස්තාපල් මාට්ටු

155

යතුරුපැදියෙන් ගොස් මහමග ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කඩා ගෙන පලායාමේ නිරතව සිටි බව කියන පොලිස් කොස්‍තාපල්වරයකු  සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රත්නපුර පානමුර පොලිසිය කියයි.

සැකකාර පොලිස් කොස්තාපල්ට  මාල කැඩීමට ගිය බව කියන යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු රත්නපුර කල්තොට පොලිසියට අනුයුක්තව කෑරගල පොලිස් මුරපොලේ රාජකාරි කළ අයෙකි.

පානමුර පොලිස් වසමේදී ලක්ෂ 02ක් වටිනා රන් මාලයක්, 138,000ක් වටිනා පෙන්ඩනය සහිත රන් මාලයක් සහ කටුවත පොලිස් වසමේදී රන් මාලයක් කඩා ගැනීමට මොහු සම්බන්ධ බවට මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවැසීය.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *