“මං මේ කතාව නම් කියන්නෙ කාටවත් අපහාසයක් කරන්න නෙවෙයි බොසා. එහෙම කරලා ලැබෙන දේකුත් නෑ. මේක වුණේ දැනට අවුරුද්දකට විතර කලින්. ඒ දවස්වල කොරෝනා එහෙම සැරට තිබ්බ කාලයක්.. මම එක කෙල්ලෙක්ව ගත්තා නුගේගොඩ හරියෙන්. ඒකි බහින්න ඕනි කිව්වේ කැම්පස් කිට්ටුව…. ඔහොම යද්දි මඟ නතර කරන්න කිව්වා, කිරුළපන හරියෙන්…. කවුරුහරි එනකන් හිටියේ.. ටිකකින් ඔන්න පොරක් නැග්ගා..”
“මම පට ගාලා පොරව අඳුරගත්තා. මිනිහා ජනප්‍රිය ගායකයෙක්. ස්ටේජ්වල එහෙමත් සිංදු කියන පොරක්. මම ඉතින් අඳුරගෙන හිනාවුණාම මිනිහටත් මාර ෆිට්. ඇත්තම කතාව මාත් මිනිහගේ සිංදුවලට ආසයි.. ඔහොම යද්දි අර කෙල්ලයි මූයි කතාවට වැටුණා. එතකොට තමා තේරුණේ එදා තමා මුලින්ම මුන් දෙන්නා හම්බෙලා තියෙන්නෙ. ෆෝන් එකෙන් ෆිට් වෙලා. දැන් හොටෙල් එකකට යන ගමන්. මමට මාර අවුල් ඉතින්… උන් දෙන්නා මොනාහරි බිව්වා මම යන්තම් කණ්ණාඩියෙන් දැක්කා. අරූගේ අතේ පෙති වගේකුත් තිබ්බා..”
“පස්සෙ උන්ට මං ඉන්නවා කියලත් අමතකයි. අරවා ගැනයි .. තව ජරාවල් ගොඩක් ගැන අමුවෙන්ම කියවන්න ගත්තා. පොර ගෑනු පෙරේතයෙක් බව මට තේරුණා. ගැලරියත් ඇද ඇද අර ගෑනිට පෙන්නනවා. අර ගෑනිත් මූත් එක්ක ආතල් ගන්න විතරයි ඇවිත් තියෙන්නෙ. නැතුව ලව් සීන් එකක් නම් නෙවෙයි. කොහොම හරි දෙන්නා කැම්පස් කිට්ටුව හොටෙල් එකක් ගාව දාලා මම හැරුණා. මට ඉතින් අර පොර නොම්බර් එකත් දීලා හෙන ෆිට් වුණා…”
“මම දැනගත්තා මිනිහා මෙතනින් නවතින් නෑ කියලා. පස්සෙ ආයෙ නම් මට ඌව හම්බුණේ නෑ. හැබැයි මිනිහගේ සිංදු ඇහිල්ලත් එපා වුණා එදා වුණ වැඩෙන්..”

















