BREAKING NEWS
Search

හොර පාරෙන් මෙරටට ගෙන්වූ අයිතිකරුවෙක් නැති මොන්ටෙරෝ ජීප් රිය

138

රජයේ තීරුබදු හා රේගු බදු නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තල ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂ්ම ලෙස සගවා තිබියදි අත්අඩංගුවට පත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ ජීෆ් රථයේ අයිතිකරු අත්අඩංගුවට ගැනිමට අධිකරණ නියෝග මත පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මත්තල අලුත්ගම්ආර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු වාහනයක් සගවා ඇති බවට මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් බංඩාර මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව සිදුකළ වැටලිමකදී මෙම අධිසුඛෝපභෝගී මොන්ටෙරෝ රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීමේදී අදාල වාහනයේ අයිතිකරු සම්බන්ධයෙන් නිසි අනන්‍යතාවයක් තහවුරු කිරිමට නිවෙස් හිමියාද අපොහොසත් වී ඇත. ඒ අනුව ජිෆ් රථය පොලිස් භාරයට ගෙන සිදුකළ මුලික විමර්ෂණ වලදී අනාවරණය වි තිබුණේ මෙම ජීෆ් රථය තීරු බදු හෝ රේගු බදු කිසිවක් නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවත් වාහනය සදහා අදාල ලිපිගොනු සකස් කරනතුරු වෙනත් වාහනයක අංක තහඩු යොදාගෙන මෙම රථය මත්තල ප්‍රදේශයට රැගෙනවිත් සගවා තබා ඇති බවත්ය

 

Source: දිවයින




Leave a Reply

Your email address will not be published. Required fields are marked *