BREAKING NEWS
Search

දරුවන් දෙදෙනා ටියුෂන් රැගෙන යද්දී යතුරු පැදිය මෝටර් රථයක ගැටෙයි

317

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බුලත්සිංහල, ඈගල්ඔය මාර්ගයේ සිය නව හැවිරිදි නිවුන් දරු දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදරු මවක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

දරු දෙදෙනාද බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත. අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල මිනුවන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි චාන්දනී සුදේශිකා (38) තිදරු මවකි. මියගොස් ඇති කාන්තාව සිය නිවුන් දරු දෙදෙනා උපකාරක පන්තියකට ඇතුළත් කිරීම සඳහා ඈගල්ඔය දෙස සිත සිට බුලත්සිංහල දෙසට ගමන් කර තිබේ. එහිදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී රෝහල් ගත කිරීමේදී ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි.

නිවුන් දරු දෙදෙනා මෙන්ම මෝටර් රථය පැදවූ කාන්තාවද කම්පන තත්වයෙන් බුලත්සිංහල රෝහල වෙත ඇතුළත්කර ඇත. අනතුරින් ස්කූටරයට සහ මෝටර් රථයට බරපතළ අලාභ හානි සිදුවී තිබේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුසන්ත පොලිස් සැරයන්වරුන් වන (34600) වීරවංශ, (34600) සහ වජිරනාත් (84006) යන නිලධාරීන් පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ සහ ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *