BREAKING NEWS
Search

ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක්

238

ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන10ක්, ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 5ක් මෙන්ම සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට 25%ක් වශයෙන් වන මුදලක් ක්‍රීඩා අරමුදලින් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ආසියාවේ ශූරයින් (ක්‍රිකට්, නෙට්බෝල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය) වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහලට ඇමරිකා ඩොලර් ලක්ෂ 5ක මුදලක් ද පරිත්‍යාග කර තිබෙනවා. එම මුදල රුපියල් කෝටි දාහත හමාරකට අධිකයි.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *