BREAKING NEWS
Search

මගුල් ගෙදර වලියක්.හයක් රෝහලට.10ක් කූඩුවට

505

පානදුර සංචාරක හෝටලයක අද (16) පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හය දෙනකු රෝහල්ගතකර දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කීය.

අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයා ද සිටින බව සදහන්වේ.

රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයන් පස්දෙනකු සහ මල් සැරසිලි සඳහා පැමිණි පුද්ගලයකු බව පොලිසිය කීය.

පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත් , පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් කළමනාකාරීත්වය සමග ඇතිවූ කතා බහක් දුර දිග යාමෙන් පිරිස කලහකාරී ලෙස හැසිරී හෝටලයට ද අලාභානි සිදු කර පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇතැයි සදහන් වේ.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *