Search

යොහානි..! මේ මොකද වුණේ. – පැය දෙකකින් මිලියන දෙකක් බැලූ මැණිකේ ගීතය හිමි Thank God ෆිල්ම් එකට නඩු වැටෙයි

4088
යොහානි දි සිල්වා ගයන “මැණිකේ මගේ හිතේ” හින්දි වර්ශන් එක ඇතුළත් Thank God චිත්‍රපටයේ ගීතය මීට මොහොතකට පෙර ඉන්දියාවේ දැවැන්ත සංගීත සන්නායමක් වන ටීසීරිස් වෙතින් අන්තර්ජාලය වෙත මුදාහැරුණා.

මේ වන විට මිලියන දෙකකට වැඩි පිරිසක් මෙම ගීතය නරඹා ඇති අතර, ගීතය ආරම්භ වන තෙක් (ප්‍රීමියර්) රැඳි සිටි පිරිස ලක්ෂයකට අධික බව අපට නිරීක්ෂණය වුණා.

ලංකාවේ මෙන්ම ඉන්දියාවෙත් කතාබහට ලක්වන මෙම සුවිශේෂී ගීතය අඩංගු Thank God චිත්‍රපටය ගැන යම් ආන්දෝලනාත්මක පුවතක් ඉන්දීය මාධ්‍ය මීට මොහොතකට පෙර වාර්තා කළා.

ඒ, ජවුන්පූර් අධිකරණයක අධ්‍යක්ෂ ඉන්ද්‍ර කුමාර් සහ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන අජේ දේව්ගන් සහ සිද්ධාර්ථ මල්හෝත්‍රාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවයි.

මෙම නඩුව ගොනු කර ඇත්තේ, නීතීඥවරයෙකු වන හිමන්ෂු ශ්‍රීවාස්තාවා විසිනු යි.

මෙම නඩුව නොවැම්බර් 18 වැනිදා කැඳවීමට තීරණය කර ඇති බවද හින්දුස්ථාන් ටයිම්ස් අනාවරණය කරනවා.

ඇත්තටම Thank God චිත්‍රපටයට නඩු වැටුණේ ඇයි ?

හිමන්ෂු ශ්‍රීවාස්තාවා කියන නීතිඥතුමා කියන විදිහට චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තුළින් ආගම සමච්චලයට ලක් කර ඇති අතර ආගමික හැඟීම්වලට ද හානි කර තිබෙනවාලූ.

Thank God මේ වන විට ශ්‍රී ලංකාවේ රසිකයින් ද වසඟයට ගෙන ඇති අතර, ගීතය ගයන යොහානි ද සිල්වාට අමතරව දුලාන්, සතීශාන්, චමත් සංගීත් ද මෙම චිත්‍රපට ගීතයට සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්.

Thank God සිනමාපටය ඔක්තෝබර් 25 වනදා ලොව පුරා තිරගත වනු ඇති.

By සෑම්
තොරතුරු ඉන්දීය මාධ්‍ය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *