BREAKING NEWS
Search

ජීවිත බිල්ලට දුන් අනාරක්ෂිත බෝක්කු පාලම

139

නාරක්ෂිත තත්වයේ ඇති බොක්කු පාලමක් හේතුවෙන් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පසල් දරුවන් සහ ජනතාව දැඩි අවදානමකට මුහුණ පා තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදී ජලය පිරුණු කාණුවකට වැටී පාසල් සිසුවෙකු නැති වීම  වැනි අවාසනාවන්ත සිදුවීමක්
වන්නට පෙර මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

අධික වර්ෂාව මැද පාසල අවසන් වී නිවෙස බලා යමින් සිටි වයස අවුරුදු 14 දරුවෙකු ජලය පිරුණු කානුවකට වැටී බෝක්කුවක සිරවිමෙන් ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත සිදුවීම වාර්තා වී අදට දින 10ක්.

සංවර්ධනය යැයි කොතෙකුක් වීනා වැයුවද මෙවැනි අනාරක්ෂිත ස්ථාන ඕනෑතරම්ඇත්තේ මිනිස් ජීවිතවල වටිනාකම නිසි පරිදි වටහා ගෙන නොතිබීම හේතුනේ.

මේ පාසල් දරුවන් ඇතුළුව දිනකට දහස් ගණනක් එහා මෙහා ගමන් ගන්නා තවත් එවැනිම ස්ථානයක්.

මෙම අනාරක්ෂිත බෝක්කුව පිහිටා ඇත්තේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කටුගස්තොට සිට කොණ්ඩදෙණිය දක්වා දිවෙන මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේයි.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් පහක පමණ ජීවත්වන පිරිසක් සිය දෛනික අවශ්‍යතා සපුරා ගන්නේ මේ මතින් ගමන් කරමින්.

ඊට පාසල් සිසු සිසුවියන් ද අයත්.

කෙසේ වෙතත් ආරක්ෂිත වැටක්ද පවා නොමැති කොන්ක්‍රීට් සිලින්ඩර් තුනක් උපයෝගී කර ගෙන ඉදිකර ඇති මෙම ස්ථානය වැසි දිනවලට දිස්වන්නේ බියකරු විලසින්.

වැසි දිනවලදී මෙම ස්ථානය සම්පූර්ණයෙන් ජලයෙන් යටවන්නේ එහි ඇති අවදානම නිසි පරිදි වටහා ගත නොහැකිවන පරිදියි.

කුරුණෑගලදි සිදු වූ අවාසනාවන්ත සිද්ධිය මෙන් තවත් සිද්ධියක් වාර්තා වීමට පෙර මේ සඳහා නිසි විකල්පයක් ලබාදීමට කටයුතු කරන මෙන් ගම්වැසියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ස්ථානයේ පාලමක් ඉදිකිරීම සඳහා අනුමත වී තිබුණත් එම කටයුතු අතරමග නැවතී ඇති බව හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් ගම්වැසියන් ඉල්ලා සිටින්නේ මිනිස් ජීවිතයක් අහිමිවීමට පෙර මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

Source : Hirunews 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *