Search

විනූ පොඩ්ඩ ඇත්නම් අඬනවා, නලවගන්න හරිම අමාරුයි

1055

ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන ඇගේ සැමියා සමඟ සතුටෙන් ගෙවන ජීවිතය ගැන නිතරම සමාජ මාධ්‍යවල ඡායාරූප පල කරනවා. නමුත් විනූගේ සැමියා පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී කියන්නේ පුංචි ප්‍රශ්නවලදී විනූ නිතරම අඬන බවයි.

පහත දැක්වෙන්නේ ඔහුගේ ප්‍රකාශයයි.

“අපි හරිම සතිටෙන් ජීවත් වෙනවා. විනූ අපේ අම්මා මාව බලාගත්තා වගේම ආදරෙන් මාව බලාගන්නවා. පුංචි පුංචි හැලහැප්පීම් තියෙනවා නැතුවම නෙමෙයි. ප්‍රධානම කාරණාව තමයි විනූ පොඩ්ඩ ඇත්නම් අඬනවා. නලවගන්න හරිම අමාරුයි. හරිම පුංචි දේවල්වලට අඬන්නේ එයා. තරහා යනවා නම් කමක් නැහැ බැනගෙන ප්‍රශ්නේ ඉවර කරගන්න පුළුවන්. අඬද්දි මොකක්වත් කරගන්න විදිහක් නැහැ. ඉතාම අසරණ වෙනවා එතකොට. එයාට අඬන්න හේතු ඕනේ නැහැ. මම මුල් කාලේ හිතුවා එයා බොරුවට අඬන්නේ කියලා. නැහැ එයා ඇත්තටමයි අඬන්නේ…”

Source : සාරවිට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *