ඔන්න එයත් ළඟදීම මනමාලියක් වෙනවා ලු… ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය ළඟදීම… පෙම්වතා ධනවත් ව්‍යාපාරිකයෙක්

3458
දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා ගැන හැමෝම අවදානයෙන් ඉන්නේ. හේතුව ඇයගේ කලා කටයුතුවල විවිධත්වය. ඒ වගේම ඇගේ පෞද්ගලික ජීවිතය ගැනත් ඇයගේ ප්‍රේක්ෂකයන් විමසිල්ලෙන් ඉන්නේ. විශේෂයෙන් ශලනිගේ ඇයගේ විවාහය ගැන…

ශලනි මෑතකදීත් ආදරය ගැන ලස්සන උපදේශාත්මක සටහනක් සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා අපිට දකින්න ලැබුනා. එහිදීත් ශලනි කියලා තිබුණේ තමන්ට හරියන හොඳම කෙනා එනකං බලාගෙන ඉන්න කියලායි.

 

ශලනිට නම් එයාට හරියන හොඳම කියලා ලැබිලා කියලා ආරංචියක් ආවා. ඇය ලඟදි විවාහ වෙන්න යනවා කියලා අපිට ආරංචි වුණා. ඇයගේ මිත්‍ර රූපලාවන්‍ය ශිල්පියෙක් හරහා මේ ආරංචිය අපිට ලැබුණේ.

කැනඩාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සමඟලු ශලනි විවාහ වෙන්නේ. ඇයගේ විවාහ මංගල්‍යය ගැන නම් තව්ම තොරතුරු ආරංචි වෙන්නේ නැහැ.

කොහොම වුණත් ආදරය නිසා දහසකුත් එකක් කතා අහපු, පීඩා විඳපු ශලනිට සැනසීමෙන් ජීවත් වෙන්න ඇයව සනසන ආදරයක් හිමි වුණු එක ගැන අපිටත් සතුටක්..

ශලනිගේ විවාහයට වගේම ඇගේ ඉදිරි ජීවිතයත්  අපි සුබපතනවා…

01.
02.
03.
04.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *