BREAKING NEWS
Search

එකට හරක් හොරකමේ ගිය තාත්තයි පුතයි මාට්ටු

159

කුට්ටිගල පොලිස් වසමට අයත් තෝරගල ප්‍රදේශයේ ගව හිමියෙකුට අයත් ගව ගාලේ සිටි රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මීගව කිරිදෙනුන් හතරදෙනකු රාත්‍රි කාලයේ සොරාගෙන ගොස් ඇත.

මේ බව ගව හිමියා දැනගත්තේ පසුදා උදෑසන තම ගව ගාලට ගිය පසුවය. කලබලයට පත් ගව හිමියා ගවයින්ගේ අඩිපාර දිගේ ගම්මාන රැසක් පසුකරමින් ලඳුකැලෑ ඔස්සේ කිලෝ මීටර් දහයක් පමණ යනවිට මිද්දෙණියට ආසන්න කූඩාගොඩ ප්‍රදේශයේ දී දෙදෙනෙකු විසින් තම ගවයන් දක්කා ගෙනයන බව අතටම හසුවී තිබේ. ඉන්පසු ගවයින් සමග ගව සොරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ගවයන්ගේ ලණුවලින් අතපය ගැට ගසා මිද්දෙණිය ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ජනතාවට ප්‍රදර්ශනය කරමින් කුට්ටිගල පොලිසිය වෙත රැගෙන යෑමට කටයුතු කරනු ලැබීය.

ලද තොරතුරු මත ගව සොරුන් දෙදෙනා කච්චිගල ප්‍රදේශයේ පියපුතු දෙපලකි. මෙම ගවයන් ගවුම්මීඇල්ල ප්‍රදේශයේ  අයෙකුට මසට විකිණීම සඳහා රැගෙන ගිය බව හරක් හොරුන් ප්‍රකාශ කර ඇත. සොරාගත් ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ අටක් පමණ වෙන බව ගව හිමියා පැවසීය. පින්තූරවලින් දැක්වෙන්නේ අල්ලාගත් ගව සොරුන් දෙදෙනා ලණුවලින් බැඳ ගවයින් සමග පොලිසියට රැගෙන ගිය අයුරුය.

ඇඹිලිපිටිය – සේන වී ගමගේ(divaina)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *