BREAKING NEWS
Search

විශ්ව ශක්තියෙන් ගැබ් ගන්වන බව පවසා 12 හැවරිදි දැරියකට හදිකල කපුවා

242

තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප‍්‍රතික්‍ෂේප කළහොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එසේ අත්අඩංගුවය ගෙන තිබුණේ කුලියාපිටිය පල්ලේවෙල ප‍්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යමින් සුව මෙහෙයන් සිදුකරන විලපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ එක්දරු පියෙකි.

බාලවයස්කාර දැරියට වසර දෙකක කාලයක් එසේ අසභ්‍ය දර්ශන ජංගම දුරකථනය මගින් පෙන්වා ලිංගික අතවර සිදුකොට තිබිණ.

එමෙන්ම දැරිය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේ මුලූතැන්ගේ පිටුපස බලහත්කාරයෙන්  බරපතල ලිංගික අතරව සිදුකර තිබූ බවද මූලික පොලිස් විමර්ශන වලදී හෙළිව තිබිණ.‍ෙ

එමෙන්ම සැකකරුගේ නිවස යාබදව නිවසක පදිංචිව සිටි දැරිය මෙම සිදුවීම් දා මයත් සමගින් පාසැල් යාම ප‍්‍රතික්‍ෂේප කර තිබූ බවත් සීඝ‍්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වී නිවසේ දිවිගෙවීම පවා ප‍්‍රතික්‍ෂේප කර ඇති නිසා වේයංගොඩ ප‍්‍රදේශයේ පාසැලකට ඇතුළත් කිරීමෙන් පසුව මවට දැරිය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පැවසීමෙන් පසුව මව විසින් පොලිසියට පැමිණිළි කර තිබිණ.

Source – ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *