BREAKING NEWS
Search

නිවුන් දරු උපතට පියවරු දෙදෙනෙක්

448

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලොව දුර්ලභව සිදුවූ නිවුන් දරු උපතක් පිළිබඳව බ්රසීලයෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්යය සඳහන් කරන ආකාරයට බ්රසීලයේ 19 හැවිරිදි කාන්තාවකගේ මෙම දුර්ලභ සංසිද්ධිය නිසා වෛද්යවරුන් මවිතයට පත් වී ඇති බවයි.

ඇය එකම දවසෙ පුද්ගලයින් දෙදෙනෙක් එක්ක  සම්බන්ඳතා පවත්වා තිබෙන අතර මාස නවයකට පසු ඇය නිවුන් දරුවන් බිහි කර තිබෙනවා. මෙම නිවුන් දරුවන්ගේ පළමු උපන්දිනයෙදී දරුවන්ගේ පියා ගැන කල්පනා කිරීමට පටන් ගෙන ඇති අතර, ඇයගේ සැකය වූ පියා කවුද යන්න තහවුරු කර ගැනීම සඳහා පීතෘත්ව පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

ඇය පියා යැයි විශ්වාස කළ පුද්ගලයා සමඟ DNA පරීක්ෂණයක් සිදුකළ අතර ඔහුට එක් දරුවෙකුගේ DNA පමණක් ගැලපි තිබෙනවා පසුව ඇය  එකතු වූ අනෙක් පුද්ගලයා ගේ DNA පරීක්ෂණය දී තහවුරු වී තිබෙන්නේ අනෙක් දරුවාගේ DNA ඔහුට ගැලපෙන බවයි.

වෛද්යවරුන් පවා මවිත කළ මේ විෂම මාපිය සිදුවීම ලොව දුර්ලභව සිදුවන, මිලියනයකට එකක් වූ සිදුවීමක් ලෙසිනුයි වෛද්යවරුන් සඳහන් කරන බවයි මාධ්ය වාර්තා කරන්නේ.

Source : Nethgossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *