BREAKING NEWS
Search

සාස්තරකරු කිව්ව සාස්තරෙන් බොරු සාස්තරකාරියට දවල් තරු පෙනෙයි

192

ඌව පළාතේ ප්‍රධාන නගරයක පදික වේදිකාවේ අත්ල බලා ශාස්ත්‍ර කියූ තරුණියකගේ අත්ල බැලීමට ගිය ආයුර්වේද වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් ඉකුත් දා වාර්තා විය.

ආයුර්වේද වෛද්‍යවරයා වෙද හෙදකම්වලට අමතරව නක්ෂත්‍ර කටයුතු හා ශාස්ත්‍ර කීමේ හැකියාවක් ඇති ග්‍රාමීය ප්‍රදේශයක කාගේත් සිත් දිනාගත් අයෙකි.

ඔහුගේ ප්‍රධාන දුබලතාවක් වූයේ මත් වතුරට ගිජු බවයි. ඉකුත්දා සිය ඥාති දියණියකගේ මංගල්‍ය උත්සවයකට නගරයේ උත්සව ශාලාවකට ගිය ඔහු මත් වතුරෙන් සප්පායම් වී ආහාරය ද ගෙන නගරයේ පදික වේදිකාවේ පා ගමනින් ආවේ තරමක විඩාබරවයි.

ජාතික ඇඳුම ඇඳ දුක්බරව යන ඔහු දුටු පදික වේදිකාවේ ශාස්ත්‍රකාරියක ඔහුගේ අත ඉල්ලා ශාස්ත්‍රයක් කීමට සූදානම් වූ විට මද සිනාවක් නැගූ ඔහු ඇගේ අත ගෙන ‘‘මටත් සාත්තර කියන්න පුළුවන්’’ කියා අත්ල බැලුවේය.

ඉන්පසු ‘‘ඔය ළමයාගේ ධන රේඛාවේ හැටියට බොරු කියලා හරි හම්බ කරන කෙනෙක්’’ කී විට ඇය අත ගසා දමා ඉවතට ගියේ මේ දෙස බලා සිටි කීප දෙනකුගේ සිනා මැදලු.

Source : lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *