BREAKING NEWS
Search

ධාවනය වෙමින් තිබු බසයක පාපුවරුවෙන් බිමට වැටුණු අවුරුදු 14 පාසල් සිසුවා

351

ධාවනය වෙමින් තිබු බසයක පාපුවරුවෙන් පාසල් දරුවෙක් වැටෙයි – CCTV

ඇල්පිටිය – පිටුවල ප්‍රධාන මාර්ගයේ ඇල්පිටිය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පාපුවරුවෙන් පාසල් දරුවෙක් වැටෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ අදාළ බස් රථය වේගයෙන් පැමිණ ඇති බවත් අද (14) උදෑසන පාසල් ආරම්භයට පෙර ඇල්පිටිය ඩිපෝව ආසන්නයේ දී අනතුර සිදුව ඇති බවත්ය.

බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් අදාළ පාසල් සිසුවා එක්වරම බිමට වැටෙන අතර බස් රථය ඉදිරියට ගමන් කරන අයුරු එම දර්ශනවල සටහන්ව තිබුණි.

අනතුරින් දරුවාගේ ඔළුවට තුවාල සිදුව ඇති අතර ඔහු මේ වනවිට ඇල්පිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 14ක් පමණ වන පාසල් දරුවෙකි.

Source : Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *