ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත සැමියාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීගේ උපදෙස් මත එම යුවළ මෙසේ මානසික රෝග පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කර තියෙනවා. අවුරුදු 47ක් වයසැති සැමියා වෙළෙඳසලක හිමිකරුවෙක්. බිරියට අවුරුදු 43ක්. ඔවුන්ට දරුවන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි. එක් දරුවෙකු උසස් අධ්‍යාපනය ලබන හෙයින් නිවසේ නොසිටින අතර අනෙක් දරු දෙදෙනා නිවසේ සිටිනවා.
එම දරු දෙදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් නොවන බව ද පොලිසිය පවසයි. සැමියා නාන කාමරය තුළට බැළලිය රැගෙන ගොස් අමුතු විදිහට එක්වන අයුරු ඇසින් දුටු බවට බිරිය චෝදනා කරන බවත් සැමියා එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය පවසයි. අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
දිනමිණ




















