BREAKING NEWS
Search

කුවේට් ගොස් අතුරුදහන් වූ මව ගැන වසර 19කට පසු ලැබුණු දුක හිතෙන ආරංචිය

638

2003 වසරේ දී විදේශගත වූ තම මවගේ දේහය යළිත් දිවයිනට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකර දෙන ලෙස පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ඇයගේ දරුවන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කරනවා.

පොළොන්නරුව – ඉසිපතන මාවතේ පදිංචි විනීතා හෙට්ටිආරච්චි නැමති කාන්තාව කුවේට් රාජ්‍යය බලා විදේශගත වන්නේ, 2003 වසරේ අගෝස්තු මස 30 වනදා යි.

ඇය විදේශගත වී වසර දෙකක් පමණ ගතවන තුරු නිවසට දුරකථනයෙන් ඇමතුම් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් ඉන් පසු ව තොරතුරක් නොලැබීම හේතුවෙන් 2007 වසරේ දී ඇයගේ දරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ පිළිබඳව පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඇයව විදේශගත කළ රැකියා ඒජන්සියේ නිලධාරීන් ද ගෙන්වා විමර්ශනයක් සිදු කළ නමුත් තම මව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නො ලැබුණු බවයි විනීතා හෙට්ටිආරච්චිගේ දරුවන් පවසන්නේ.

ඔවුන්ගෙන් ඊට නිසි ප්‍රතිචාරයක් නො ලද තත්වයක් තුළ පසුගිය 8 වන දා තම මව නැති වී  ඇති බව දරුවන්ට දැන්වීමට කටයුතු කර තිබෙනවා.

ඇයගේ දියණිය අදහස් පළ කරමින් කියා සිටියේ, තම මවගේ නැති වීම  සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

Source :Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *