BREAKING NEWS
Search

අටපිරිකර බෙදාගන්න බැරුව ලොකු සාදු, පොඩි සාදුව පිහියෙන් ඇන ඉක්මනින් නිවන් යවන්න හදයි

466

පිළියන්දල කොටගෙදර ශ්‍රී ගංගාරාම විහාරයේ විහාරාධිපති හඹුඩුගල සුමේධ හිමියන් හා එම විහාරස්ථානයේ වැඩවාසය කරනු ලබන හිමිනමක් වු පුජ්‍ය විජේරියේ විමලරතන හිමියන් සමග අටපිරිකරක් සම්බන්ධයෙන් ඇතිවු ප්‍රශ්නයක් දුරදිග යාම හේතුවෙන් විහාරාධිපති හිමියන් විසින් අනෙක් හිමිනම වෙත පිහියකින් ඇණ තුවාල සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය විය.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් අනතුරුව එම ස්ථානය වෙත පැමිණි පිලියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ හිමිනම මේවනවිට කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පිළියන්දල පොලිස්ථානය විසින් සිදු කරනු ලබන අතර සැකකාර හිමිනම අද දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Source : Nethgossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *