BREAKING NEWS
Search

කොළඹ – නුවර පාරේ කඩාවැදුණු වෑන් රථය

265

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ – නුවර මාර්ගයේ කරඬුපන හංදිය ආසන්නයේ සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබූ අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

නුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කළ වෑන් රථයක් කෑගල්ල දෙස සිට නුවර දෙසට ධාවනයවූ ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටී එම අනතුර සිදුවී තිබුණි.

අදාළ අනතුර සිදුවන අයුරු අසල වෙළෙඳසැළක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ අනතුරට හේතුව වෑන් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බවය.

වෑන් රථයේ රියදුරු කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Source : Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *