BREAKING NEWS
Search

පෙම්වතා සමඟ එක්වී සල්ලිකාර කොල්ලෝ රවට්ටා සල්ලි කඩාගත් අවුරුදු 17 ටික්ටොක් නිලිය

1615

ටික්ටොක්’ සමාජ ජාලය තුළින් තරුණයන් සමග පෙම් සබඳතා පවත්වා පසුව එම තරුණයන් (පෙම්වතුන්) තමන් පදිංචි කොච්චිකඩේ ප්රදේශයට උපක්රමශීලීව ගෙන්වා තම පෙම්වතා සහ ඔහුගේ මිතුරු කල්ලියත් සමග එක්වී තරුණයන් (පෙම්වතුන්) පැහැරගෙන සිරකර කප්පම් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙයූ බව කියන 17 හැවිරිදි මීගමුවේ සුරූපී තරුණියක් ඇතුළු කප්පම් කල්ලිය කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ශ්රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට ඇත.

මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම කොල්ලයට මුහුණ පෑ අය පස්සර ප්රදේශයේ පෞද්ගලික ආයුර්වේද රෝහල් සේවකයෙකි. ඔහු ටික්ටොක් සමාජ ජාලය හරහා මෙහි සැකකාර තරුණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇත. පසුව සැකකාරිය තරුණයාගෙන් මුදල් ඉල්ලා ඇත.

තමා අත දැනට මුදල් නොමැති බව තරුණයා ඇයට දැන්වීමෙන් අනතුරුව පෙම් සබඳතාවය තාවකාලිකව නතරවී ඇත. මෙම වැටලීමට කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ශ්රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. දර්ශන, පො.කො. (3304) කරුණාරත්න සහ (74460) රාජකරුණා යන නිලධාරිහු සහභාගි වූහ.

උපුටා ගැනීම විමල් කීර්ති

( දිවයින පුවත්පතින් )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *