BREAKING NEWS
Search

පුංචි පුතුගේ දිවි අනූනවයෙන් බේරෙයි..

709

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇඟ කිළිපොළා ගිය අනතුර – CCTV… තුවාල ලැබූ පුංචි පුතුගේ දිවි අනූනවයෙන් බේරෙයි… වැල්ලම්පිටිය, මෙගොඩ කොළොන්නාව වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයක් පණ ගැන්වීමත් සමගම එකවරම ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් සිටි කුඩා දරුවෙකු ඊට යටවෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

දරුවා මීටර් 4ක් පමණ ඉදිරියෙන් රැඳී සිටින අතර, වෑන් රථයට යටවීමත් සමග ක්ෂණිකව දරුවාව කොළඹ ජාතික රෝහල ට ඇතුළත් කිරීමට පියවර ගැණුනි.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ රියදුරුට අමතරව කාන්තාවක් සහ කුඩා දරු දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බව අප වාර්තාකරු පැවසීය.

තිරිංග පෑගීම වෙනුවට ඇක්සලේටරය පෑගීම හේතුවෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් දරුවාට බරපතළ තුවාල නොමැති බවත් අනතුරින් නවතා තිබූ යතුරුපැදියකට දැඩි අලාභ සිදුව ඇති බව ත් පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙන අතර එළඹෙන බදාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Source : Adaderana 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *