BREAKING NEWS
Search

කොට්ට දෙකට රෙද්ද පොරවා මනාලිය අතුරුදන්

530

ගමේ ගොඩේ අහල පහළ නිවැසියන් වූ සුනිල්  හා කමලා කුඩා කාලයේ සිට එකට හැදී වැඩී  උස් මහත් වුණු ගැටවර වියේ පසුවෙන නිසා මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමට  වැඩි කාලයක් ගත නොවුනත් දෙපැත්තේම මවුපියෝ හා වැඩිහිටියෝ එයට එකහෙලාම විරුද්ධ වූහ.

එහෙත් මේ දෙපළගේ ප්‍රේමය දිනෙන් දින දලු කොළ, රිකිලි දා වැඩිවුණා මිස අඩුවක් වුණේ නැත. මේ අතර  කමලාට තම මව්පියෝ මඟුල් කපුවකු මගින් මඟුලක්ද කතාකර ගත්හ.

එහෙත් කමලා නිහඬව සිටියේ තම යටි සිතේ කැමති අරමුණු කරගෙන දැයි කිසිවකු දැන නොසිටියද මංගල දිනය පවා තීන්දු විය.
තවදුරටත් බලා සිටීමේ තේරුමක් නැති බව වටහාගත් පෙම්වතුන් යුවළ ගමෙන් පලායාමට තීරණයක් ගත්හ.

එදින වැසිබර රාත්‍රියකි. පාන්දර යාමයේ  ත්‍රිරෝද රථයක් රැගෙන සුනිල් කමලාගේ නිවස අසල රැඳී සිටියේය.

කල්තියා සූදානම් කරගත් තම ඇඳුම් කැඩුම්, රන් ආභරණ ඇතුළු මිල මුදල් රැගෙන තමා සුනිල් සමග යන බවත් සොයා නොබලන ලෙසත් දන්වා මවුපියන්ට දන්වා ලිපියක් ලියා තම මේසය  මත තබා නිදි යහනේ කොට්ට දෙකකට රෙද්ද පොරවා කිසිවකුට නොහැඟෙන පරිද්දෙන් ඇය අඳුරේම ත්‍රීවිලරයට ගොඩවී සුනිල් හා ගමෙන් පලා ගියාය. උදේ තම ්දියණිය අවදිවී නැති බව දුටු මව කාමරයට ගොස් බැලූවිට කොට්ට දෙකකට රෙද්ද පොරවා කෙල්ල අතුරුදන් වී ඇති බව දුටුවාය.

ඇයගේ ලිපිය කියවා බලා කරුණු කාරණා වටහාගත් දෙමහල්ලෝ ‘‘වෙච්ච දේට මක් කොරන්නදැයි’’  හිත හදාගෙන මඟුල නොකෙරෙන බව මනාලයාගේ  මව්පියන්ට දැනුම් දුන්හ.

පියසේන දොඩගොඩ,
මතුගම. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *