ගීතිකා රාජපක්ෂ කියන්නෙ කවුරුත් අතර ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක්.
ඇයගෙ පියා මේ දිනවල පසුවන්නේ තරමක අසනීප තත්වයෙන්.
ඒ ගැන ඇයම මුහුණු පොතේ මේ විදියට සටහන් තබා තිබුණා.
“ජය සිරිමා බෝ මලුවේ
ඇවිදයන්න තරම්..
රන්වැලිසෑ මලුවෙ සිල් ගන්නට තරම්
සෝමාවති පුද බිමෙ වැලි පෑගෙන්නට තරම්
මගෙ තාත්ත කල පිං ඇති
සුවපත් වෙමු ඉතින්
තෙරුවන් සරනින් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන්
ජය සිරිමා හාමුදුරුවනේ ආනුභාවයෙන්
ධර්මසිරි රාජපක්ෂ වන මගේ තාත්තා නිරෝගී වේවා…
කායික වේදනා දුරු වෙවා..
දීර්ගායුශ ලැබේවා…
සුවපත් වේවා…”
ඇයගේ තවත් සටහනක් මේ විදියට දකින්න ලැබුණා…
“භවයෙන් භවය සසර පුරා මා කලා වූ සියලූම කුසල්වල ආනුභාවයෙන් මාගේ තාත්තා සුවපත් වේවා…
සුවපත් වේවා… සුවපත් වේවා…
කායික වේදනා අඩු වේවා… මානසික වේදනා අඩුවේවා… නිරෝගී වේවා…
තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට මගේ තාත්තාට ලැබේවා…
බුදුසරණයි මගේ තාත්තාට…”


Source : Hirugossip



















