BREAKING NEWS
Search

ජල නළය අලුත්වැඩියා කරන්න ගිය දරුවා ඇළට වැටිලා

185

තම නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නළය අළුත්වැඩියා කිරිම සදහා  නිවසින් කිලෝමිටර් ½ පමණ දුරකින් පිහිටි ඇළ මාර්ටගයකට ගිය 15 හැවිරිදි සිසුවකුගේ සිරුර එම ඇළ පාවෙමින් තිබියදී සොයාගත් බව නිවලපිටිය පොලිසිය කියයි.

නිවෙසට ජලය ලබාගැනීමට ඇති නළය අලුත්වැඩියාව සඳහා තනිව ගොස් ඇති අතර, පසුව එම සිසුවා නොපැමිණි නිසා එම සිසුවාගේ මව සහ සහෝදරයකු ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටි  සිටි බවට  සිසුවාගේ මව  නාවලපිටිය පොලිසියට දැනුම් දි ඇත.

මෙසේ ඇත්තේ නාවලපිටිය කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි හරංගල ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අශේන් මින්සර 15 හැවිරිදි සිසුවෙකි.

ඇළ මාර්ගයේ සිසුවා වැටි සිටින අයුරු දුටු සිසුවාගේ මව ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිසුවා රැගෙන ගොස් ඇති අතර ඒ විටත්  සිටි බවයි නාවලපිටිය රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් හරස් කරමින් මිය ගිය සිසුවාගේ නිවසට ජල නළ උපයෝගි කරගෙන පානිය ජලය ලබාගෙන ඇති බවත්,පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවසට ජලය නොපැමිණි නිසා ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ තිබු ගලක ලිස්සා වැටි ඇළට වැටි නැති වුනා දැයි යන්න පිළිබඳව  නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Source: Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *