රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
බස් – ටිපර් අනතුර…
තංගල්ල පල්ලිකුඩාව ප්රදේශයේ අද (09) අලුයම ලංගම බස්රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූ තිදෙනාගෙන් ටිපර් රථයේ රියදුරාගේ තත්ත්වය බරපතළ බවය.
අද අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
කොළඹ සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක් සහ රන්න ප්රදේශයේ සිට මාතර බලා ධාවනය වූ ටිපර් රථයක්, තංගල්ල පල්ලිකුඩාව ප්රදේශයේ දී මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
Source : Adaderana




















