BREAKING NEWS
Search

ලොකු ලූනු කිලෝව 80ට බහී

42884

දේශීය ලූනු කිලෝවක් සඳහා රුපියල් 80 -140ත් අතර මුදලක් ලැබීම කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි බව ලොකු ලූනු ගොවීහු චෝදනා කරති.

දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ ඇතැයි ද ඔවුහු කියති.

එම අස්වනු වෙළඳපොලට ලැබීම්ත් සමඟ දේශීය ලොකුළූණු කිලෝවක උපරිම තොග මිල ගැණුම් මිල රුපියල් 80 සිට 140 දක්වා පහතවැටී ඇතැයි ගොවීහු පෙන්වාදෙති.

විශාල පිරිවැයක් මෙවර ලොකු ලූණු වගාව සඳහා ගොවීන් වියදම් කළ ද එතරම් සාර්ථක අස්වැන්නක් නොලැබීම නිසා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බව දේශීය ලොකු ලූනු ගොවීන් පවසති.

විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු වෙළඳපලේ විශාල වශයෙන් පවතින බවත් ඉතාමත් අනර්ග තත්වයේ පවතින දේශීය ලොකුලූනු සඳහා රුපියල් 130 ක 140 ක මිලක් ලැබුණත් එවැනි ගුණාත්මක ලූනු ඉතා අඩු ප්‍රමාණයක් ලැබෙන නිසා තමන්ගේ නිෂ්පාදන කොටස් කිරීමේදී ලැබෙන්නේ කිලෝවකට රුපියල් 50 ත් 60 ත් අතර මිලකට බව ඔවුහු පෙන්වා දෙති.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *