BREAKING NEWS
Search

හිඟමන් ගිය කතකගේ උකුලේ සිටි දරුවා එකවරම බෝනික්කෙකු වුන හැටි

241

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රෙද්දකින් ඔතාගත් බෝනික්කකු තුරුල් කරගෙන බෝනික්කා දරුවෙකු බවට අඟවා මගීන්ට අතපාමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල සිඟමනේ යෙදුනු කාන්තාවක් පසුගිය සිකුරාදා අල්ලාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.

අත දරුවාට කිරිපිටි මිලදී ගැනීමට වත්කමක් නොමැති බව කියමින්  මෙම කාන්තාව සිඟමනේ නිරතව සිටියේ යැයි  දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් පැවසීය.

මගීන්ගේ අනුකම්පාව දිනා ගැනීමට මෙවැන්නක් කල බව ඇයි පවසන්නේ යැයිද  දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

අත දරුවකු රෙද්දකින් ඔතාගෙන සිටින ආකාරයට එම දරුවාට හුස්ම ගැනීමට අපහසුතාවක් ඇතිවී තිබෙන බවට පෙනී ගිය නිසා එය දුටු දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් ඒ බව දැනුවත් කිරීමට කාන්තාව අසලට ගිය අවස්ථාවේ ඇය තුරුල් කරගෙන සිටින්නේ බෝනික්කෙකු බවට එම නිලධාරියාට දැකගැනීමට ලැබී ඇත.

අල්ලාගත් මෙම කාන්තාවට දැඩි ලෙස අවවාද කර මුදා හැර ය සන්තකයේ තිබු බෝනික්කා විනාශ කර දැමු බව දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග පවසයි.

උපුටා ගැනීම
ලංකාදීප පුවත්පතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *