දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන “කෙල්ල” නැමති ව්‍යාග්‍ර ධේනුව නැති වී ඇත.
අකිරා, ඩුමා සහ ලියෝ යන එම පැටවුන්ට ඉකුත් මාර්තු 05 වන දින උපත දුන් කෙල්ල දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඇය සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්‍යය මණ්ඩලයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙය වී තිබේ.
පැටවුන්ට ඉතාමත් ආදරණීය මවක් වූ ඇය වයස අවුරුදු 15 පමණ විය.
චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් ඔස්සේ 2008 වසරේදී ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට ඇය රැගෙන විත් තිබේ.
ඇගේ සිරුර පශ්චාත් පරීක්ෂණයකට කටයුතු සහ අනෙකුත් පරීක්ෂණ ලක්කිරීමට නියමිතය.
Source: Lankadeepa



















