BREAKING NEWS
Search

මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා

328

වැලිගම නගර ශාලාවේ පැවති  මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන්  අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ.

නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.

නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස්  පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිද්ධියට ලක්වු සිසුවකු මෙසේ කීය.

“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටීක වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”

මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑමසඳහා පැමිණි පිරිසක් බවයි.

ඔවූන් දනගැස්වීමක් සිදු නොකල බවද ඇය කීවාය.

කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිසට  ප්‍රණීත දිවා ආහාර වේලක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා  කටයුතු කලේය.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
උපුටා ගැනීම
ලංකාදීප පුවත්පති




Leave a Reply

Your email address will not be published. Required fields are marked *